ඇඟ කිලිපොළා යන චිත‍්‍රපටයක් ‘පෙට් සෙමටි‍්‍ර’



ලොමුඩැහැගැන්වෙන කතා නිර්මාණයේ විශිෂ්ටයෙකු වන ඇමෙරිකන් ලේඛක ස්ටීවන් කිංග්ගේ අතිශය ජනපි‍්‍රය ‘පෙට් සෙමටි‍්‍ර’ නවකතාව ඇසුරින් නිර්මාණය වූ ‘පෙට් සෙමටි‍්‍ර’ චිත‍්‍රපටය ලබන 5 වැනිදා සිට ලොව පුරා තිරගත වෙයි.

චිත‍්‍රපටයේ කතාව ගෙතෙන්නේ ලූවිස් කී‍්‍රඞ් සහ බිරිඳ රේචල් ඔවුන්ගේ දරු දෙදෙනා ද සමඟ පිටිසරබද මූසල නගරයක පදිංචියට යෑමය. ඔවුන්ගේ නිවසට නුදුරින් අඳුරු කැළෑවේ ඇත්තේ ගුප්ත සොහොනකි.

මේ සොහොනේ මිහිදන් කර ඇත්තේ නගර වැසියන්ගේ මියයන බල්ලන්, පූසන් සහ හාවුන් ආදී සුරතල් සතුන් ය. මේ සොහොන මරණින් මතු ලෝකය සමඟත් බිහිසුණු භූතාත්මයක් සමඟත් සම්බන්ධය. මිහිදන් කරන සතුන් පමණක් නොව, කුඩා දරුවන් පවා මරණින් නැගිට අසාමාන්‍ය අයුරින් පණ ලබයි.

මීට පෙර 80 සහ 90 දශකයේ ද ‘පෙට් සෙමටි‍්‍ර’ චිත‍්‍රපට නිර්මාණය වූ නමුත් මෙම නවතම චිත‍්‍රපටය ඒ සියල්ල පරයන බිහිසුණු බවින් පිරුණු එකක් යැයි අධ්‍යක්ෂවරු වන කෙවින් කොලෙෂ් සහ ඩෙනිස් විඞ්මර් පවසති. ජේසන් ක්ලාක්, ඒමී සයිමෙට්ස්, ජෝන් ලිත්ගෝ ආදීහු චිත‍්‍රපටයට සම්බන්ධ වී සිටිති.

 


RECOMMEND POSTS