අයුක්තිය අසාධාරණයට එරෙහි යුවතිය: අලිටා බැට්ල් ඒන්ජල්



ජපාන ඇනිමේ කාටූන් කතාමාලාවක් පාදක කර ගනිමින් නිර්මාණය වූ ක්‍රියාදාම පිරි ‘අලිටා: බැට්ල් ඒන්ජල්’ චිත්‍රපට හෙට (14) සිට ලොව පුරා සමගාමීව අප රටේ තිරගත වෙයි.

‘අටිලා: බැට්ල් ඒන්ජල්’ තවත් එක් ක්‍රියාදාම චිත්‍රපටයක් නොවන අතර, මෙම වසරේ තිරගත වන කවුරුත් අපේක්ෂා නොකළ චිත්‍රපටය මෙය යැයි බොහෝ දෙනකුගේ අදහසය. ‘අලිටා: බැට්ල් ඒන්ජල්’ චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ නවීන තාක්ෂණික ක්‍රම රැසක් භාවිතයට ගනිමින් එය නිර්මාණය වීමය.

චිත්‍රපටයට පාදක වන්නේ සුපිරි තාක්ෂණයෙන් පිරුණු අනාගතයයි. චිත්‍රපටයේ කථා නායිකාව මෙන්ම වීරවරිය ද අලිටා මිනිස් රොබෝ සයිබෝග් යුවතියකි. දක්ෂ සටන්කාමිණියක වන මැය අයුක්තියට සහ අසාධාරණයට එරෙහිව නැගී සිටී.

අලිටාගේ චරිතයට පණ පොවන්නේ රෝසා සලාසාර් නමැති යොවුන් නිළියයි.

අලිටාගේ රොබෝ සිරුර පමණක් නොව, චිත්‍රපටයට සම්බන්ධ සෙසු මිනිස් රොබෝවරුන් සහ අනාගත ලෝකය ද නිර්මාණය කරනු ලැබ ඇත්තේ ජේම්ස් කැමරන්ගේ අතිශය ජනප්‍රිය වූ ‘අවතාර්’ චිත්‍රපටයේ නිර්මාණකරුවන් විසිනි.

රොබට් රොඞ්රිගේස්ගේ අධ්‍යක්ෂණයක් වන ‘අලිටා: බැට්ල් ඒන්ජල්’ චිත්‍රපටයේ නිෂ්පාදකන් දෙදෙනාගෙන් කෙනකු වන්නේ ද ජේම්ස් කැමරන්ය. චිත්‍රපටයේ තිර රචනය ද ජේම්ස් කැමරන්ගෙනි. ‘

අවතාර්’ චිත්‍රපටය නිර්මාණයට යොදා ගත් පරිගණක තාක්ෂණය ‘අලිටා’ චිත්‍රපටය සඳහා ද උපරිමයෙන් භාවිතා කර ඇත. සම්මානනීය නළු ක්‍රිස්ටෝෆ් වොල්ට්ස්, ජෙනිෆර් කොනලි සහ එජ් ස්කෙරින් ආදීහු චිත්‍රපටයට සම්බන්ධ වී සිටිති.

 


RECOMMEND POSTS