අමිතාබ්ට සුව වුණත් පුතා අභිෂේක් තවම රෝහලේ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු වූ ප්‍රවීණ බොලිවුඞ් නළු අමිතාබ් භච්චන් සුවය ලබා රෝහලෙන් පිටව ගියත්, ඔහු සමඟ රෝහල් ගත කළ ඔහුගේ පුතු මෙන්ම ජනප්‍රිය බොලිවුඞ් නළුවකු ද වන අභිෂේක් භච්චන් තවමත් කොරෝනා ආසාදිතයකු බව පැවැසෙයි.

කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීමෙන් පසු අමිතාබ් භච්චන් (77) සහ අභිෂේක් භච්චන් (44) රෝහල් ගත කෙරුණේ පසුගිය ජූලි 11 වැනිදා මුම්බායි නනවාතී රෝහලටය.

ඊට පසු දින අභිෂේක්ගේ බිරිඳ මෙන්ම සුරූපී බොලිවුඞ් නිළි අයිස්චර්යා රායි භච්චන් සහ දියණිය ද කොරෝනා ආසාදිතයන් යැයි හඳුනා ගැණින. ඔවුන් දෙදෙනා රෝහල්ගත කළත් දින කීපයකින් සුවය ලබා පිටව ගිය බව පැවැසිණි.

මුම්බායිහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS