අනුෂ්කා-කෝලිට දියණියක්



ඉන්දීය කි‍්‍රකට් තරුවක් වන විරාට් කෝලිගේ බිරිඳ මෙන්ම බොලිවුඞ් සුරූපිනියක ද වන අනුෂ්කා ෂර්මා දියණියන ප‍්‍රසූත කළාය. දරු ප‍්‍රසූතිය සිදුවූයේ පසුගිය 11 වැනිදාය.

තම ආදරණීය බිරිඳ දියණියක ප‍්‍රසූත කළ බව ප‍්‍රසිද්ධියට පත් කළේ කෝලිය. ඒ, සිය ඉන්ටග‍්‍රෑම් ගිණුම හරහාය.

අනුෂ්කා සහ අලූත් බිලිඳිය යහතින් පසුවන බවත්, ජීවිතයේ අලූත් පිටුවක් ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් කෝලීගේ ඉන්ට‍්‍රගෑම් පණිවුඩයේ සඳහන් වෙයි.

(ඉන්දීය පුවත් සේවා)


RECOMMEND POSTS