“නිදහසේ දැහැන 2018”



70 වන නිදහස් දිනය මුලික කර ගනිමින් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා බැඳුනු ශ්‍රී ලංකා සංස්කෘතික පදනම විසින් සංවිධානය කරන ලද නිදහසේ දැහැන 2018 සංස්කෘතික ප්‍රසංගය අබුඩාබි ශ්‍රී ලංකා තානාපති, එස්.ජේ.මොහීදීන් මැතිතුමා, නියොජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සිසිර සෙනවිරත්න මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරී මණ්ඩලයේ හා තවත් ආරාධිත අමුත්තන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් සහ අබුඩාබියේ වෙසෙන ශ්‍රී ලංකික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් අබුඩාබි ෆොක්ලෝ තියටර්හිදී 2018 පෙබරවාරි 23 වන දින අවසන් වන්නට විය.

සාර්ථකව හා අලංකාරවත්ව  නිදහසේ දැහැන 2018 සංස්කෘතික ප්‍රසංගය සංවිධානය කර තිබීම කාගේත් පැසසුමට ලක් විය. ඉතාමත් කෙටි කාලයක් තුලදී දරු දැරියන්ගේ හා දෙමාපියන්ගේ වෙහෙස මහන්සියේ ප්‍රථිපල වේදිකාව මත දිගහැරෙන විට සැමගේ සිත් සතන් අමන්දානන්දයට පත් වූ බවක් පෙනෙන්නට විය.

විශේෂයෙන්ම, අබුඩාබි හා ඩුබායි මෙෂාන් දිසානායක රංගායතනයේ දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද නර්ථනයන් වැඩ සටහන වර්ණවත් කිරීමට මූලික වූ බව සටහන් කළ යුතුමය. එසේම අබුඩාබියේ වෙසෙන අනෙකුත් දරුවන් විසින් ඉදිරිපත් කරන ලද දේශාභීමානී ගීත එකතුවද, මුස්ලිම් ප්‍රජාවේ නියෝජනයෙන් හා ක්‍රිස්තියානි ප්‍රජාවේ නියෝජනයෙන් ඉදිරිපත් කල සංස්කෘතික අංගයන් ද වැඩ සටහනේ සාර්ථකත්වයට මූලික වූ බව සිහිපත් කළ යුතුය.

තවද, ඒකල නර්ථනයන්, ගායනයන් ඉදිරිපත් කරමින්, වැඩ සටහනට අලංකාරයක් ගෙන දුන් අබුඩාබියෙහි වෙසෙන කුඩා දුවා දරුවන්ගේ හැකියාවන් පැසසුමට ලක් වූ අතර අබුඩාබි හා ඩුබායි සංගීත කණ්ඩායම් ඉදිරිපත් කළ ගායනයන් වැඩ සටහනේ සාර්ථකත්වයට මහත් රුකුලක් විය.

මේ සඳහා දරු දැරියන් පුහුණු කිරීමේදී, වේදිකා නිර්මාණයේ දී, වැඩ සටහන් මෙහෙයවීමේ දී මෙන්ම වීඩියෝකරණයේ දී හා ජායාරූපකරණයේ දී ද දෙමාපියන් ලෙස තම තමන්ගේ කාර්යභාරය මැනවින් ඉටු කිරීම සංවිධායක මණ්ඩලයට පහසුවක් වූවා සේම එමඟින් අබුඩාබියේ සියළුම ශ්‍රී ලාංකික ප්‍රජාවගේ එකතුවෙන් අපගේ සංස්කෘතියේ අභිමානය ලොවට කියා පාන්නට අබුඩාබියේ දී නිදහසේ දැහැන 2018 තුළින් හැකි වූ බව අවසන් වශයෙන් සටහන් කරමි.

ජායාරූප - සෙනරත් ධම්මික හා ජයක් අමරසූරිය ගෙනි.

ප්‍රභාත් ගුණසේකර


RECOMMEND POSTS