ෆුට්සාල් තරඟාවලියක්



මාවනැල්ල සහිරා විදුහලේ එක්සත් එමීර් රාජ්‍යය ආදි ශිෂ්‍ය සංඟමය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ ෆුට්සාල් (Furtsal) පාපන්ඳු තරඟාවලිය පසුඟිය දා (09/11/2018) දින ඩුබායි Bilva Indian පාසැල් ක්‍රීඩා පිටියේ දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. 

තරඟාවලිය පිළිබඳව කණ්ඩායම් දැණුවත් කිරීම සහ වර්ගීකරණය කිරීමේ උත්සවය November මස 02දා Dubai Airport හෝටල් සංකීර්ණයේදී පැවැත් වූ අතර මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට මාවනැල්ල සහීරා විදුහලේ නියෝජ්‍ය විදුහල්පති සහ ක්‍රීඩා භාර ආචාර්ය M.Y.M Nizam සහ මාවනැල්ල Serendib ක්‍රීඩා සමාජයේ සභාපති M.Iqbal යන මහත්වරුන් පැමිණ සිටියහ.

ඩුබායි සහ සාජා කේන්ද්‍ර කරගනිමින් තෝරා ගත් ප්‍රමුඛතම ශ්‍රීලාංකීය පාපන්දු  කණ්ඩායම් 16ක ගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලිය සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස ඩුබායි රාජ්‍යයට සහ උතුරු එමීරයේ ශ්‍රීලංකා කොන්සල් ජෙනරාල් ගරු Charith Yattogoda මහතා එක්ව සිටියහ.

මෙම තරඟාවලියේ අවසාන මහා තරඟය වෙනුවෙන්  United Star කණ්ඩායම සහ Ceylon Challengers කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර මෙහිදී ගෝල 2-0 ලෙස United Star කණ්ඩායම ජයග්‍රහණය ලබා ගනිමින් ශූරතාවය දිනාගත් අතර Ceylon Challengers කණ්ඩායම අනුශූරතාවය දිනා ගන්නා ලදී. 


RECOMMEND POSTS