හොරෙන් ගියොත් සමාවක් නෑ



නීතිවිරෝධීව හා හොරෙන් රට රැකියාවලට යන අයට තමන් අමාත්‍ය ධුරයේ සිටින  තුරු කිසිම සමාවක් නොදෙන බව විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.

හොර ලියකියවිලි හදා අවුරුදු 17,18 පොඩි දරුවෝ රට යවන්නට උත්සාහ දැරූ අවස්ථා අසුවූ බව කී ඇමතිනිය, ව්‍යාජ ලියකියවිලි වලින් ගමන්  බලපත්‍රයක් හැදු පසු එයට වගකියන්නට කාර්යංශයට බැරිවන බව ද කීවාය.

එසේ යවා අමාරුවේ වැටුණ පසු ගෙන්වා දෙන්නැයි කාර්යංශයට ඇවිටිලි කරන්නට ද පුරුදු වී ඇතැයි ඇය පැවැසුවාය.
අතුකෝරළ මහත්මිය මේ අදහස් පළ කළේ අම්පාර දි්ස්ත්‍රික් ශ්‍රමික සුරැකුම ජංගමසේවය දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී ආරම්භ කරමිනි.එහි දී තව දුරටත් අදහස් දැක්වූ ඇමතිනිය මෙසේ ද කීවාය.

“අපි දැක්ක දෙයක් තමයි පහු ගිය කාලේ නීති විරෝධීව හා හොරෙන් හදාගෙන යන අය පිරිසක් ඉන්නවා. මම නම් බොහොම තදින් ඉන්නවා. කිසිම සමාවක් දෙන්නේ නැහැ.එහේ ගිහින් බෙල්ල කපන්න නියම වුනාම අපි පලි ඒකට. අවුරුදු 17, 18 පොඩි දරුවෝ පාස්පෝට් හදලා නීති විරෝධී ලියකියවිලි හදලා රට අරිනවා.”

“මාධ්‍ය හරහා ඔබ දකින්න ඇති. අවුරුදු 18,17 දරුවෙකුගේ මනසයි. අවු 25,30 කෙනෙකුගේ මනසයි වෙනස බලන්න.මේවා පිලිබඳ යනකොට හොඳ අවබෝධයක් තියෙන්න ඕනි.විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අය විදියට අපිට මේවට වග කියන්න බැහැ. මේ දෙන හැම පහසුකමක්ම, වරප්‍රසාදයක්ම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය හරහා ක්‍රියාත්මක කරන්නේ මේ ශ්‍රමික සුරැකු වැඩසටහනත් එක්ක කියන එක මතක් කරන්න ඕනි.” යැයි ද කීවාය.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS