හැරී මේගන් මූදු වෙරළේ



ඕස්ටේ‍්‍රලියාවේ නිල සංචාරයක යෙදෙන බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරු සහ බිරිඳ මේගන් මාකෙල් හෙවත් සසෙක්ස් ආදිපාදවරිය සිඞ්නි නුවර සුප‍්‍රසිද්ධ ‘බොන්ඩි’ මුහුදු වෙරළට පැමිණියහ.

මුහුදු වෙරළට පැමිණි යුවළට උණුසුම් පිළිගැනීමක් ලැබුණි. දහසකට ආසන්න  ඕස්ටේ‍්‍රලියානුවෝ පිරිසක් වීදි දෙපස රැුස්කමින් යුවළට සුබ පතන්න වූහ.

බොන්ඩි වෙරළේ දී, හැරී සහ මේගන් යුවළ සමාජ සේවා කටයුතු බොහොමයන නියැලෙන ‘වන් වේව්’ නමින් හැඳින්වෙන රළ පදින්නන්ගේ සංගමයේ සාමාජිකයන් හමුවී ඔවුන් සමඟ විනෝද වීමට ද අමතක නොකළාහ.

මුහුදු වෙරෙළේ සංචාරය කිරීමට පෙර, හැරී කුමරුන් සහ සසෙක්ස් ආදිපාදවරිය මේගන් මාකෙල් සිඞ්නි නුවර මැකාතර් බාලිකා උසස් පාසලට ගියහ.

එහිදී බාලිකාවන් සමඟ කතාබහ කරමින්, ඔවුන්ගේ නර්තන අංගයක් නැරැඹීමට ද කටයුතු කළහ.

(ඬේලිමේල්)

 


RECOMMEND POSTS