හැරී මේගන් නවසීලන්තයේ



ඕස්ටේ‍්‍රලියා සංචාරය අවසන් කිරීමෙන් පසු බි‍්‍රතාන්‍යයේ හැරී කුමරුන් සහ සසෙක්ස් ආදිපාදවරිය හෙවත් මේගන් මාකෙල් නවසීලන්තය බලා පැමිණ සිටිති.

රාජකීය යුවළ නවසීලන්තයේ වෙලිංටන් බලා පැමිණියේ (28) ය. නවසීලන්තයේ ස්වදේශිකයන් වන මෞරි වැසියන්ගෙන් රාජකීය යුවළට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

වෙලිංටන් නුවර ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේ දී හැරී සහ මේගන් පිළිගැනීමට මෞරි වැසියන්ගෙන් සමන්විත කණ්ඩායමක් සම්ප‍්‍රදායික නර්තනයක් ඉදිරිපත් කළේය.

රාජකීය යුවළ පිළිගැනීම සිදු කළේ සාම්ප‍්‍රදායික අන්දමට නහයට නහය තබමිනි. මේගන් පසුව කියා සිටියේ, තමන්ට එය අපූරු අත්දැකීමක් වුණු බවය.

නවසීලන්ත වැසියන්ගෙන් පමණක් නොව, එරට අගමැතිනී ජැසින්ඩා අර්ඩර්න්ගෙන් රාජකීය යුවලට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. රාජකීය යුවළ නවසීලන්ත අගමැතිනිය හමුවීමට ගියේ කළු පැහැයෙන් සැරැුසෙමිණි. නවසීලන්ත අගමැතිනිය ද කළු ඇඳුමින් සැරසී සිටියාය. කළු පැහැය නවසීලන්තයේ නිල වර්ණයයි.

කාන්තාවන්ට ඡුන්ද අයිතිය හිමිවුණු පළමු රට නවසීලන්තයයි. කාන්තාවන්ට ඡුන්ද බලය හිමිවී වසර 125 ක් ගතවී ඇති අතර, ඒ  නිමිත්තෙන් විශේෂ උත්සවයක් වෙලිංටන් නුවරදී පැවැත්විණි.

මේගන් මාකෙල් එම සැමරුම් උත්සවයට සහභාගී වී සභාව ඇමැතුවාය. එහිදී කාන්තා අයිතීන් වෙනුවෙන් ඇය කතා කළාය. මේගන් ඇගේ කතාව ආරම්භ කළේ මෞරි බසින් වචන කිහිපයක් පවසමිනි. සභාවේ සිටි සැමගෙන් උණුසුම් අත්පොළසන් නාදයක් ඊට හිමිවිය.

රාජකීය යුවළ සිවු දිනක් නවසීලන්තයේ රැඳී සිටිනු ඇත. ලබන 30 වැනිදා යුවළ  ඕක්ලන්ඞ් නුවර බලා යෑමට නියමිතය.
යුවළ  ඕස්ටේ‍්‍රලියාවට ගොස් සිටියේ ආබාධිත රණ විරුවන් වෙනුවෙන් පැවැත්වුණු ‘ඉන්වික්ටස්’ කී‍්‍රඩා උළෙලට සහභාගී වීමටය.

මෙම අන්තර්ජාතික කී‍්‍රඩා උළෙල පිහිටුවීමෙහිලා පුරෝගාමියා වන්නේහැරී කුමරුන්ගේ අදහසකට අනුවය. යුවළ නවසීලත්තය බලා පැමිණියේ කී‍්‍රඩා උලෙළ අවසන් වීමෙන් පසුවය.

(ඒ.එෆ්.පී./ඬේලිමේල්)


RECOMMEND POSTS