සෞදි වැලි කතරට හිම කැට



සෞදි රාජ්‍යයේ වාඩි අල්-ඩවසර් සහ රානියා ආණ්ඩුකාර ප්‍රදේශයේ පසුගිය දිනෙක පැය භාගයකට අධික කාලයක් හිමෙන් වැසි ගොස් තිබූ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

රියාද් අගනුවරට දකුණු දිගින් පිහිටි ප්‍රදේශ වලට හිම කැට වැටුණු බව සෞදි සබක් පුවත් පත වාර්තා කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.

වැලි තලාව මත හිම කැට වැටී ඇති ආකාරය ඉතා චමත්කාර දර්ශනයක් වූ අතර පුද්ගලයින් හිමකැට මත ඇවිදිමින් ඡායාරූප ගෙන විනෝදවන අකාරය වෙබ් අඩවියේ පලකරන ලද ඡායාරූප වලින් දක්නට ලැබේ. 

සෞදි සටම් විශ්ව විද්‍යාලයේ ආචාර්‍යවරයෙකු වන රාජිස් අල්-කදාරී හිම වැටී තිබෙන ආකාරයේ දර්ශන ඡායාරූප ගතකර අන්තර්ජාලයට එක්කර ඇති බව වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS