සෞදි රජතුමන්ට අපහාස කළ හිටපු මන්ත්‍රීට වසර තුනක සිර දඩුවම්



සෞදියේ සල්මන් රජතුමන්ට එරෙහිව ටුව්ටර් සමාජ ජාල ගිණුම ඔස්සේ අපහාසාත්මක දේ පළ කළ බවට චෝදනා ලැබ සිටි කුවේට්යේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව කුවේට් අධිකරණයක් විසින් වසර තුනක සිර දඩුවම් පනවා ඇත.

මෙලෙස සිර දඩුවම් නියම් වූයේ අබ්දුල් හමීඩ් ඩෂ්ටි නැමැති කුවේට් මන්ත්‍රීවරයෙකුට එරෙහිවය.පෙරේදා (26) කුවේට් අධිකරණය විසින් මෙම සිර දඩුවම පනවන ලදී.

ඉකුත් දෙසැම්බර් මාසයේදී සෞදි රජතමන් කුවේටයේ නිල සංචාරයක නිරතවූ අතර එහිදී මෙම කුවේට මන්ත්‍රීවරයා විසින් සෞදියේ රජතුමන්ට අපහාස වන අයුරින් ටුව්ටර් පණිවිඩයක් අන්තර් ජාලය ඔස්සේ මුදා හැර තිබේ.

මෙම හිටපු කුවේට් මන්ත්‍රීවරයා සෑම අවස්ථාවකදීම පෙන්වා දෙන්නේ තමන් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රමුඛ එරට ජනතාව වෙනුවෙන් පෙනී සිටින නොසැලෙන මිතුරෙක් ලෙසිනි.

මේ හේතුකොට ගෙන අබ්දුල් හමීඩ් ඩෂ්ටි නැමැති කුවේට් මන්ත්‍රීවරයා ඉකුත් වසරේ මාර්තු මසයේදී එරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් නෙරපා හැරිණි. 

 

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි....


RECOMMEND POSTS