සෞදි දමාම් පාසලේ සහතිකපත්‍ර ප්‍රදානය



සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ දෙවසරක කාලයක් පෙර පාසල් අධ්‍යාපනය ලැබූ (KG 2) දරු දැරියන් 29 දෙනෙකු සදහා පළමු ශ්‍රේණියට ඇතුලත් වීම සදහා දරු දැරියන් වෙත ගයීම් සහ සහතික පත් ප්‍රනය කිරීම පසුගිය සෙනසුරාදා 27 අල් කොබාර් රිසායත් උත්සව ශාලාවේදී උත්සව ශ්‍රීයෙන් පැවැත්විණ.

පසුගිය දින කිහිපය තුල ශ්‍රී ලංකාවේ පැවති අමානුෂික ප්‍රචණ්ඩත්වය පිලිබදව කනගාටුව ප්‍රකාශ කරමින් හා  ඒ වෙනුවෙන් දිවි අහිමිවූ හෝ තුවාල ලැබූ සියලු දෙනා වෙනුවෙන් විනාඩි තුනක නිශ්ශබ්දතාවයකින් සියලු දෙනාම තම ශෝකය  සහ සංවේගය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ විය.

ඉංග්‍රීසි බස අධ්‍යන බස ලෙසත් සිංහල ෙදමළ භාෂාවන් මවු බස ලෙසත් ගණිතය,සමාජ අධ්‍යනය, විද්‍යාව(ENT),චිත්‍ර සහ සෞන්ර්ය,ඉස්ලාම් දහම සහ ඊට අනුරූපව හෙළ සිරිත් විරිත් ආචාර ධර්ම ඇතුළු විෂයන් කිහිපයක්ම ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේදී මෙම සිසු දරු දැරියන් හට ඉගැනීමේ අවස්තාව ලබා දෙන බව පාසල් අධ්‍යක්ෂ මණ්ඩලයේ උප සභාපති තව්සිෆ් පල්ලෙයි මහතා සදහන් කරයි

විශේෂයෙන්ම මෙදින පැවති ඇගයීමේ උත්සවයේදී පෙර පාසල් අධ්‍යාපනය නිම කල මෙම දරු දැරියන් විසින් තම හැකියාවන් සහ දක්ෂතාවන  ඉදිරිපත් කරමින්  නර්තන,ගායනා මෙන්ම කණ්ඩායම් වැඩසටහන් කිහිපයක්ම ඉදිරිපත් කරනු දක්නට ලැබිණ.මේ සදහා පන්තිය භාර ගුරුවරිය වන ශෆිකා නාස්  මහත්මය සහ විෂය භාර ගුරුතුමිය වන සෞභාග්‍යා මහත්මියගේත් මග පෙන්වීම මහත් රුකුලක් වී ඇතිබව දැනගන්නට ලැබිණ. මෙම සියලුම සිසු දරුවන් ඊලග අධ්‍යන කාර්තුවේදී ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේම පළමු වසරට ඇතුලත් කිරීම සිදු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ ඉදිරි කටයුතු පිලිබදව අදහස් දක්වමින් තව්සික් පල්ලෙයි මහතා සදහන් කලේ මෙම පාසල විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සිසු සිසුවියන් උදෙසාම වන නමුත් විදෙස් ජාතීන්ගේ දරුවන් හටද මෙහි ඉගනුම ලැබීමට අවස්තාව උදා කරදී ඇති අතර නැගෙනහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකික දරු දැරියන් හට තව තවත් අවස්තාව උදාකර දීමට බලාපොරොත්තුව සිටින බවයි ඒ සදහා WWW.slisd.org/[email protected]හෝ 00966569284317 වෙතින් තොරතුරු ලබා ගත හැකි බවයි.

මෙම අවස්තාව සදහා සියලුම දෙමාපියන් මෙන්ම පාසල් අධ්‍යක්ෂ මණ්ඩලයේඅධ්‍යක්ෂ වේලාවන් සුබ්‍රමනියම්, පරිපාලන නිලධාරි අබු ආදම් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්  මෙන්ම  ආරාධිතයින් කිහිප දෙනෙකුම සහභාගී සිටි අතර විශේෂ ආරාධිතයින් ලෙස ඉන්ස්පිරියර් අධ්‍යාපන ආයතනයේ දෙපාර්තමේන්තු ප්‍රධානි (ශ්‍රී ලාංකික)සියානා මැතිනියද ජාත්‍යන්තර

ටෝස්මස්ටර් 71 කණ්ඩායමේ නායකත්වය දරන මදුශ නානායක්කාර මහතාද සහභාගී වී සිටියහ.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට 

 


RECOMMEND POSTS