සෞදි කතානායක විපක්ෂ නායක මහින්ද හමුවෙයි



සවුදි අරාබියානු පාර්ලිමේන්තුවේ කතානායක ආචාර්ය අබ්දුල්ලා බින් මොහොමඩ් බින් ඊබ්‍රහිම් අල් අල් ෂෙයික් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් විපක්ෂනායකවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී 8 වැනිදා පෙරවරුවේ සිදුවිය. 

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුල සවුදි අරාබියානු රජය සමග සමීපව කටයුතු කිරීම ගැන සවුදි අරාබියානු කතානායකවරයා මෙහිදී ඔහු වෙත සිය ස්තූතිය පුද කලේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සවුදි අරාබියානු තානපති අබ්දුල් නසීර් බිල් හුසේන් අල් හර්ති,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. ඇල් පීරිස්, යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS