සිරවුණු දරුවෝ සිවු දෙනෙක් එළියට



තායිලන්තයේ චියැංග් රායි පළාතේ, තම්ග් ලුඅන්ග් නමැති ලෙන තුළ දින 15 ක් පුරාවට සිරවී සිටි යොවුන් පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීමේ කටයුතු අද (8) උදෑසන ආරම්භ වුණු අතර, මේ වනවිට දරුවන් 12 දෙනාගෙන් සිවු දෙනකු නිරුපද්‍රිතව පිටතට ගැනීමට කිමිදුම්කරුවෝ සමත් වී සිටිති.

මහත් පරිශ්‍රමයකින් පසු පළමුවෙන්ම පිටතට ගනු ලැබුණේ කණ්ඩායමේ දරුවන් 12 දෙනා අතර සිටි දුර්වල දරුවන් යැයි පැවැසෙයි. පිටතට පැමිණි එම දරුවන් කඩිනමින් රෝහල් ගත කෙරුණි.

ඒ සඳහා වෛද්‍ය කණ්ඩායම්, ගිලන් රථ සහ හෙලිකොප්ටර් යානා සීරුවෙන් තැබුණි.

(රොයිටර්)

 


RECOMMEND POSTS