සංචාරයකට එන්නැයි ඇමතිට ඇරයුම්



සෞදියේ නව කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍ය  අහමද් බින් අබ්දුල්අසීස් අල් රායිහි මහතාට ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණෙන්නැයි සෞදියේ ශ්‍රී ලංතා තානාපති අස්මි තාසිම් මහතා ආරාධනා කළේය.

ද්විපාර්ශවීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ලංකාවේ සංචාරය කිරීම සඳහා තෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ශ්‍රී ලංකා තානාපතිවරයා සෞදි අමාත්‍ය  අබ්දුලසිස් අල් රායිහි මහතා දන්වා සිටියේය.

අහමද් බින් අබ්දුල්අසීස් අල් රාජ් මහතා නව අමාත්‍ය තනතුරට පත්වීමෙන් අනතුරුව පසුව ඔහුව බැහැදැකීමට ශ්‍රී ලංකා තානාපතිවරයා ඉකුත්දා ගිය අතර එහිදී මෙම ආරාධනය කර ඇත.ඉකුත් ජූනි මාසයේදී කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍යවරයා ලෙස අබ්දුලසිස් අල් රාජිහි මහතා පත් කළ අතර ශ්‍රී ලංකා තානාපති තසීම් මහතා සෞදි අමාත්‍යවරයා හමුවූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

ඉතා සුහද ලෙසින් පැවති මෙම හමුවේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ශ්රී ලාංකික සංක්රමණික සේවකයින් පිළිබඳව ආදී දෙරටට  වැදගත් මාතෘකා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා විය. විශේෂයෙන් ශ්‍රමිකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය, සක්‍රමණික සේවකයන් සඳහා සුභසාධක පහසුකම්, කම්කරු උසාවලට අදාළ කරුණු සහ ඉදිරියේ පැවැත්වෙන දෙරට අතර තුන්වන ඒකාබද්ධ තාක්ෂණික කමිටු රැස්වීමේදී ඔවුන් දෙදෙනා අතර අත්සන් තැබූ ගෘහ සේවක බඳවා ගැනීමේ ගිවිසුමේ 6 වන වගන්තියට අනුව ඒවා ඇතුළත් විය.

මෙම අවස්ථාවට අන්තර්ජාතික කටයුතු පිළිබඳ උප ලේකම් ආචාර්ය අබ්දුල්අසිස් සුලෙයිමාන් අල් අමර් මහතා සහ කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂන යසිරි හමූද් අල් ඔටාබි මහතා ද එක්ව සිටියේය.ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සෞදි රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ අමාත්‍ය උපදේශක මධුක වික්‍රමාරච්චි , කම්කරු අංශයේ  ප්‍රධානී කේ.කේ. දුමින්ද සහ ප්‍රදූත සේවා නිලධාරී ඒ.එම්.ජබීර්. යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS