සංචාරකයෝ ලක්ෂ 11 ඇවිත්



 
මේ වසරේ  සිට ජුනි දක්වා  පළමු මාස 06 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන සංචාරකයින් සංඛ්‍යාව 1,164,647 ක් පැමිණ අතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
 
එම අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන  අනුව  පසුගිය 2017 වසරේ මුල් මාස හයේ දී ශ්‍රී ලංකාවට පැමිණි 1,010,444 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී ෙමවර සංචාරකයින් පැමිණනීම සියයට 15.3 ක ඉහළ යාමකි.

මේ අතර පසුගිය ජූනි මාසයේ දී 146,828 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර  ඉකුත් වසෙර් ජූනි මාසය හා සැසඳීමේ දී එය සියයට 19 ක වැඩි වීමකි.

පසුගිය  ජූනි මාසය තුළ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි රටවල් ලෙසින් පිළිවෙලින් ඉන්දියාව, චීනය හා එක්සත් රජධානිය ෙව්.. එහිදී 2017 වසෙර් ජූනි මාසයට සාපේක්ෂව ඉන්දීය සංචාරකයින් සියයට  18.4 කින්, චීන සංචාරකයින් සියයට 18.7 කින් හා එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 16.1කින් ඉහළ ගොස් ඇත.

ජූනි මාසයේ දී පැමිණි 146,828 ක්වූ සමස්ත සංචාරකයින් ප්‍රමාණයෙන් 3,569 ක් පැමිණ ඇත්තේ මුහුදු මාර්ගයෙනි.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS