ශෂි සුබ්‍රමනියම් ජායාරූප ප්‍රදර්ශනයක්



කලක් මෙරට ජනමාධ්‍යවේදියකු හා ප්‍රවෘත්ති නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළ ශෂි සුබ්‍රමනියම්, කලක් දලයී ලාමාගේ නිල ජායාරූප ශිල්පියා ලෙස කටයුතු කළ ස්විස් ජාතික මනුඅල් බව්අර් ( Manuel bauer) සමග එක්ව කරන ජායාරූප ප්‍රදර්ශනයක් අද  (2) සිට ස්ව්ට්සර්ලන්තයේ අන්නා ගොල්ඩි කලාගාරයේ දී පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනයේ තේමාව වන්නේ ටිබෙට් ජාතිකයින් ගේ සංක්‍රමණික ජනජීවිතයයි. මෙම ප්‍රදර්ශනයේ ශෂි සුබ්‍රමනියම් විසින් ගන්නා ලද මීටර් හයක උසින් හා මීටරයක පළලින් මුද්‍රණය කළ ජායාරූප විස්සක් අඩංගු වීම විශේෂත්වයකි.

මීට අමතරව ස්ව්ට්සර්ලන්තයේ ග්ලාරුස්හි ජීවත්වන ට්බෙට් ජාතිකයින්ගේ ජන ජීවිතය අලලා සකස් කෙරුණු ඡායාරූප පෙළක් ද ප්‍රදර්ශනයට ඇතුළත්ය.

සිය පියා සමඟ ටිබෙටයේ සිට හිමාලය හරහා ඉන්දියාවට පාගමනින් දින අටක් පුරා සංක්රමණය වූ දැරියකගේ ජීවිතය අලලා මනුඅල් බව්අර් විසින් ගනු ලැබූ ඡායාරූප ඇතුළත් විශේෂාංග චිත්‍රපටයක්ද                 (Documentary film) මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.

අගෝස්තු මාසය දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ඇති විශේෂත්වය වන්නේ ස්විස් ජාතිකයකු ලෙස මනුඅල් බව්අර් ටිබෙට් ජාතිකයන්ගේ ජන ජීවිතය පිළිබඳවත්, ආසියාතික යෙකු ලෙස ශෂි සුබ්‍රමනියම් ස්ව්ට්සර්ලන්තයේ ජීවත් වන ටිබෙට් ජාතිකයින්ගේ ජන ජීවිතය පිළිබඳවත් ඔවූන්ගේ නිර්මාණය තුළින් එලිදැක්වීමයි.

ප්‍රදර්ශනය ලබන අගෝස්තු මාසය දක්වා පැවැත්වේ.

ස්ව්ට්සර්ලන්තයේ සුඩ්ඕෂ්වයිස් (suedostschweiz ) පුවත්පතේ ඡායාරූප ශිල්පියෙකු හා ජනමාධ්යවේදියකු ලෙස කටයුතු කරන ශෂි සුබ්රමනියම් ජායාරූප කෘති කිහිපයක කතුවරයෙකු ද වෙයි.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS