වැලි කතරේ හමා ගිය “සුනිල විල” ගී සමාධිය



අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සබැඳි අබුඩාබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම මඟින් සංවිධානය කරන ලද සුනිල් එදිරිසිංහයන්ගේ සුනිල විල ගී සමාධිය පසුගිය දෙසැම්බර් 08 වන දින අබුඩාබි ෆෝක්ලෝ තියටර් හිදී අති සාර්ථකව නිමාවට පත්විය.

ඒ සදහා සුභාවිත ගීතය ප්‍රියකරන ශ්‍රී ලංකික ප්‍රජාවේ උණුසුම් සහභාගීත්වයක් දක්නට ලැබීණි.

මෙම වැඩ සටහනේ අරමුදල් 2018 වර්ෂයේ දී අබුඩාබියෙහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් අබුඩාබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම නොමිලයේ සංවිධානය කරන වැඩ සටහන් සාර්ථක කර ගැනීම සදහා යොදා ගැනු ලබන අතර අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ගරු තානාපති එස්.ජේ.මොහිදීන් මහතා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ඇරඹි සුනිල විල ගී සමාධිය සදහා එදා මෙදා තුර සුභාවිත ගී රසාස්වාදය සදහා සහභාගී වූ වැඩිම සහභාගීත්ව දක්නට ලැබුණි.

සේනක මෙන්ඩිස් ප්‍රමුඛ Faith Live සංගීත කණ්ඩායම වාදනයෙන් මනා දායකත්වයක් ලබා දුන් අතර මෙෂාන් දිසානායක රංගායතනයේ දරු දැරියන් වැඩ සටහන අලංකාරවත් කිරීම සදහා නර්ථනයෙන් දායකත්වය ලබාදෙන ලදී.

විශාරද චරිත් රුමයංග, චමත් වල්පොල, ජනක ලියනගේ හා ඉෂාරා දිල්හානි වැඩ සටහන සදහා ගායනයෙන් දායකත්වය ලබා දෙනවිට වැඩ සටහන මෙහෙයවීමෙන් දොන් කෞෂල්‍ය මහතා තම දායත්වය ලබා දෙන ලදී. එසේ සැමගේ නොමසුරු කැපවීමෙන් අති සාර්ථක වැඩ සටහනක් නිමාවට පත් කිරීමටත් වැලි කතරේ දිවිගෙවන ශ්‍රී ලාංකිකයන්ට අර්ථවත්, අලංකාර ගී සමුච්චයක් ලබා දීමට ද අබුඩාබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනමට හැකිවීම අගය කල යුතුය.

එකට පියඹිය හැකි කුරුල්ලන් එකට එක් වූ විට ඕනෑම අභියෝගයක් සාර්ථකත්වයෙන් නිමාවට පත් කරගත හැකි බව සංස්කෘතික පදනමේ විධායක කමිටුවේ සාමාජිකයින් සුනිල විල ගී ප්‍රසංගය හරහා ලොවට පෙන්වා හමාරය.

 

 ජායාරූප - චන්දන මදනායක

 EMBPG විසිනි.

 

RECOMMEND POSTS