ලෙබනනයේ වෙසක් සැමරුම්



ලෙබනනයේ වෙසෙන බෞද්ධ ශ්‍රමිකයින් හා ඒකාබද්ධව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉකුත් දා එරට දී වෙසක් සැමරුම් උත්සවයක් ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

ලෙබනනයේ ලාංකික ප්‍රජාවගෙන් සුසැදි  බොදු එකමුතුවද මෙම වෙසක් දින සැමරැම් උත්සවය සඳහා තානාපති කාර්යාල නිලධාරීන්ට සහාය දැක්වූ අතර තානාපති කාර්යාලය පුරාම බෞද්ධ කොඩි, වෙසක් කූඩු, වෛවර්ණ විදුලි බුබුලු වලින් සැරසීමට පියවර ගෙන තිබිණි.එසේම මෙම වෙසක් උත්සව සැමරුමට එරට පිහිටි එක්සත් ජාතීන්ගේ  සාම සාධක බලකායේ සේවයේ නියුතු මෙරට හමුදා නිලධාරීහු පිරිසක්ද එක්වීම විශේෂත්වයකි.ඔවුන් නේවාසිකව රැඳී සිටින නාකුරා හමුදා කඳවුරේද පිංකම් පැවැත්විණි.

වෙසක් දින සැමරැම් උත්සවයදා උදයවරුවේ එක්සත් ජාතීන්ගේ  සාම සාධක බලකායේ සේවයේ නියුතු මෙරට හමුදා නිලධාරීහු නේවාසිකව රැඳී සිටින නාකුරා හමුදා කඳවුරේද පූජ්‍ය උනින්දුවෙළ සිරිසුමන හිමියන්ගේ ධර්ම දේශනයක්ද ,එදිනම සවස ශ්‍රී ලංකා තානාපති කාර්යාල භූමියේ බෝධි පූජා පිංකමක්ද පැවැත්විණි.

මෙම පිංකම් මාලාව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ( කම්කරු කටයුතු) ටී.ලක්ෂ්මිධරන්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදේශක පී.ආරියසේන යන මහත්වරුන් සහ 300 කට ආසන්න ලාංකික ශ්‍රමිකයින් එක්වූහ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS