ලක් කතට ඇමෙරිකාවෙන් සම්මාන



ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2019 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් දස දෙනාට අතරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනියක මෙන්ම ප්‍රකට නීතීඥවරියක වන නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය තේරී පත්ව සිටින බව ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර සිටී.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ ප්‍රමුඛ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර දිරිය කාන්තාවන් මෙම ඇමෙරිකා ජනපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප් මහත්මිය අතින් අද (08) වොෂින්ටන් නුවරදී මරිනි ද ලිවේරා මහත්මිය ඇතුළු  මෙම දිරිය කාන්තාවන් 10ට සම්මානය පිරිනැමුණු බව වාර්තා වේ.

නීති උපාධිධාරිනයක හා නීතිඥවරියක වන මරිනි ද ලිවේරා මහත්මිය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය, ජාත්‍යන්තර අපරාධ නීතිය, ව්‍යවස්ථාදායක නීතිය ආදී  විෂයන් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය , ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍යයන් වෙත සිය වෘත්තීය නිපුණත්වය ලබා දී ඇත.2017 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ධූරයට පත් කළ අතර පසුව ඇය එම ධූරයෙන් විශ්‍රාම ගනු ලැබුවාය.

ලිවේරා මහත්මියට අමතරව මෙම බංග්ලාදේශයේ රාසියා සුල්තානා , බුරුමයේ නව් නාව්, ජිබුටි රාජ්‍යයේ මව්මිනා හුසේන් දරාර් , ඊජිප්තුවේ මමා මැගී, ජොර්දානයේ කර්නල් ඛලීඩා ඛලාෆ් හනා අල් ට්වාල් , අයර්ලන්තයේ කන්‍යා සෙහොයුරියක වන ඕර්ලා ටේ්‍රසි , මොන්ටිනීග්‍රෝ හි ඔලිවේරා ලාකි , පේරු රාජ්‍යයේ ෆ්ලෝර් ඩි මාරියා වේගා සහ ටැන්සානියාවේ අන්නා අලෝස් හෙන්ගා යන කතුන්ද මෙම වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් දස දෙනා අතරට තේරී පත්ව සිටිති.

ඇමෙරිකා රාජ්‍ය දොපාර්තමේන්තු විසින් 2007 වසරේදී ආරම්භ කළ ජාත්‍යන්තර දිරිය කාන්තාවට හිමි සම්මානය මේවන විට රටවල් 65 ක විවිධ කාන්තාවන් 120 කට පමණ පුද කර තිබෙන අතර , අභ්‍යන්තරව අවතැන් වූවන් වෙනුවෙන් ගත් මෙහෙවර වෙනුවෙන් 2010 වසරේදී ශ්‍රී ලාංකික කාන්තාවක් වන පුත්තලමේ ජන්සිලා මජීඞ්ට හා ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්ට අයත් පවුල්වල අතුරුදන් වූ අය වෙනුවෙන් වෙහෙස නොබලා ගත් උත්සාහයන් වෙනුවෙන් කළ මෙහෙය අගයමින් 2017 වසරේදී සන්ධ්‍යා එක්නැලිගොඩ  මීට පෙර මෙම සම්මානය ලබා ගනු ලැබූහ.


RECOMMEND POSTS