රේස් යන සෞදි තරුණිය



සෞදියේ සල්මාන් රජු සහ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ නව ප්‍රතිපත්ති අනුව, සෞදි කාන්තාවන්ට රිය පැදවීමට වරම් ලැබීමත් සමඟ රේස් යෑමට සැරැසෙන තරුණියක ගැන එහරට රියාද් නුවරින් වාර්තා වෙයි.

රේස් පදින්න සැරැසෙන මෙම සෞදි සුරූපිනිය 30 හැවිරිදි රානා අල්මිමෝනිය. ‘මම වාහන පදින්න ආසයි. වේගයෙන් යන්න ආසයි. වේගයට මම ප්‍රිය කරනවා. අශ්ව බල 500 ක ධාරිතාවකින් යුත් කාර් එකක් පදවමින් රේස් යෑමයි මගේ සිහිනය’ යැයි රානා අදහස් දක්වමින් කියා සිටී.

මෝටර් රථ තරගාවලියක​ට සහභාගී වීමේ සිහිනය දකිමින්, ඒ සඳහා පුරුදු පුහුණු වන එකම තැනැත්තිය වන්නේ ද රානා යැයි පවසා ඇත. ඇය මේ වනවිට රියාද් නුවරට ඔබ්බෙන් කාන්තාර ප්‍රදේශයේ පුහුණුවීම්වල නියැලෙයි.

සෞදි කාන්තාවන්ට රිය පැදැවීමට අවසර හිමිවූයේ පසුගිය ජූනි මාසයේ සිටය. ඒ, සෞදියේ කාන්තා අයිතීන් වෙනුවෙන් වැඩි අවදානයක් යොමු කිරීමට සල්මාන් කුමරු මැදිහත් වීමෙනි. කාන්තා අයිතීන් සුරැකීමට පියවර ගන්නා බව පැවැසුවත් තවමත් සෞදිය කාන්තා අයිතීන් උල්ලංඝනය කරන බවට චෝදනා එල්ල වෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS