මෝදි කැනඩා අගමැති හමුවෙයි



සත්දින නිල සංචාරයකට ඉන්දියාවට පැමිණ සිටින කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුව නවදිල්ලි අගනුවරදී පැවැත්විණි.

කැනඩා අගමැති ටෘඩෝ ඉන්දියාවට පැමිණියේ පළමු වතාවටය. අගමැති ටෘඩෝ සමඟ ඔහුගේ බිරිය සොෆී ග්‍රෙගොරි, පුතුන් දෙදෙනා සහ දියණිය ද ඉන්දීය සංචාරයට එක් වෙති. පිරිස ඉන්දියාව බලා පැමිණියේ පසුගිය සෙනසුරාදා එනම් මීට සතියකට පෙරය. අගමැති ටෘඩෝ පිළිගැනීමට හෝ ටෘඩෝ ගුජරාටයේ සංචාරය කළ අවස්ථාවේදී, ඔහු සමඟ ගුජරාටයට යන්න හෝ මෝදි පැමිණියේ නැත. මෙය බොහෝ දෙනාගේ දෝෂදර්ශණය හේතුවෙක් විය.

ඉන්දීය අගමැති කාර්යාලය පිළිතුරු දෙමින් කියා සිටියේ, අගමැති මෝදි රාජකාරි බහුල තැනැත්තකු බවත්, විදෙස් නායකයකු ඉන්දියාවට පැමිණෙන සෑම අවස්ථාවකදීම ඔහුට ‘තනිරැකීම’ කළ නොහැකි බවත්ය. කෙසේ නමුත් ඉන්දීය අගමැති මෝදි, කැනඩා අගමැති ටෘඩෝ හමුවීම කවුරුත් පුලපුලා බලා සිටි මොහොතක් විය.

අගමැති මෝදි සහ ටෘඩෝ පවුලේ සාමාජිකයන් හමුවූයේ ඉන්දීය ජනපති මන්දිරය හෙවත් රාෂ්ට්‍රපතිභවන්හිදීය.

වෙළෙඳ, ආරක්ෂක, ගෝලීය උණසුම ඉහළ යෑම ආදී කරුණු කාරණා සම්බන්ධයෙන් අගමැතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි. අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබුණි. ඉන්දීය අගමැති මෝදි ටෘඩෝ පවුල පිළිගත්තේ මහත් හරසරිනි. ඒ, හමුදා ගෞරව මධ්‍යයේය. ඉන්දීය අගමැති මෝදි කැනඩා අගමැතියේ දියණිය පුතුන් දෙදෙනා හුරතල් කිරීමට ද අමතක නොකළේය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS