මෙක්සිකෝ භූමි කම්පාවෙන් 120 ක් මරුට



මධ්‍යම මෙක්සිකෝවට බලපෑ අති ප්‍රබල භූමි කම්පාවෙන් 120 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත්, 300 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

මෙක්සිකෝ සිටි නුවර ගොඩනැගිලි සහ නිවාස ද බිමට සමතලා වී ඇති බවත් සියගණනක් සුන්බුන් අතරේ සිරවී සිටින බවත් විදෙස් පුවත් සේවා පවසයි. මරණ සංඛ්‍යාව තව තවත් ඉහළ යා හැකි යැයි මෙක්සිකෝ ජනාධිපති පෙනා නීටෝ බිය පළ කර තිබේ.

රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වූයේ මධ්‍යම මෙක්සිකෝවේ මොරාලේස් සහ පුබෙල්ලා යන ප්‍රාන්තවලටය.

හරියටම මීට අවුරුදු 32 කට පෙර ද මේ අයුරින් ප්‍රබල භූමිකම්පාවකින් මෙක්සිකෝව කැළැඹී ඇත.

මෙම මස මුලදී ද මෙක්සිකෝව භූමි කම්පාවකින් කැළැඹී ගියේය. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 8.1 ක් ලෙස සටහන් විය. එම භූමි කම්පාවෙන් මියගිය ගණන 90 ක් යැයි වාර්තා විය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS