බොලිවුඩය සහ ක්‍රිඩාපිටිය කැළඹූ විවාහය



බොලිවුඩ් සුරෑපිනී අනුෂ්කා ෂර්මා සහ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි ගේ විවාහ මංගල්‍යය ඊයේ (11) ඉතාලියේ මිලානෝ නුවරදී පැවැත්විණි.

හින්දු චාරිත්‍රානුකූල ලෙසින් පැවති මේ විවාහයට දෙදෙනාගේම පවුලේ හිතවතුන් පමණක් සහභාගීවීම විශේෂයකි. විවාහ මංගල උත්සවය චාමෙට පැවැත්වුණු බවත් මාධ්‍ය වාර්තා කියයි. අනුෂ්කා සහ විරාට් දෙදෙනාම සිය විවාහය ගැන ට්විටර් සමාජ ජාල ගිණුම් ඔස්සේ මුදා හැරීමටද අමතක නොකළේය

‘අප බොහොම ලස්සන දිනයක්. අපේ විවාහය සිදුවුණා. අපි දෙන්නාගේ බැඳීම තව තවත් ශක්තිමත් වුණා’ යැයි මංගල උත්සවයෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නව යුවළ පවසා ඇත.

දෙනාට අමීර් ඛාන්, මධුරි ඩික්සිත්, ෂාරුක් ඛාන් ඇතුළු බොලිවුඩ් තරු පිරිවරගෙන් සහ ක්‍රිකට් මිතුරන් ගෙන් හා රසිකයින් ගෙන් සුබ පැතුම් හිමිවී ඇතැයි ද වාර්තා වේ.

නව යුවල ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන් වෙනුවෙන් ලබන 21 වැනිදා නවදිල්ලියේත්, බොලිවුඞ් තරු සහ ක්‍රිකට් තරු වෙනුවෙන් ලබන 26 වැනිදා මුම්බායි නුවරදීත් විශේෂ සාද පැවැත්වීමට ද සූදානමින් සිටින බව පැවැසෙයි.

( තිළිණි ද සිල්වා)

ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරෙනි


RECOMMEND POSTS