බිහාර් ගංවතුර හින්දා මීයන්ට දොස්



පන්සීයකට අධික මහජන ජීවිත විනාශ කරමින් පසුගියදා මුහුණ දීමට සිදු වූ ගංවතුර උවදුර සම්බන්ධයෙන් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඇමතිවරයෙක් මීයන්ට චෝදනා කරයි.

බිහාරයේ ජල සම්පත් භාර ඇමති රජිව් රන්ජන් සිය ප්‍රාන්තය ගංවතුරින් විනාශ වීමට හේතුව හැටියට දකින්නේ මීයන් විසින් ජල බාධක ඉවුරු හාරා විනාශ කරනු ලැබීමයි.

බිහාරයේ මෙවර ගංවතුරින් මරණයට පත් ජනයාට අමතරව තවත් විශාල විනාශ රැසක් වාර්තා විය. උන්හිටිතැන් අහිමි ජන සංඛ්‍යාව එක්කෝටි විසි ලක්ෂයකටත් අධික විය.

ජලාශයන්හි ජල බාධක ඉවුරු අසල ජීවත් වෙන ජනතාව ගබඩා කර තබා ගන්නා ආහාර වලට ආකර්ෂණය වෙන මී රංචු ඉවුරු දිගට සිදුරු කරමින් මී ගුල් තනා ගන්නා බවත් එමගින් ඉවුරු දුර්වල කෙරෙන බවත් බිහාරයේ ජල සම්පත් භාර ඇමති රජිව් රන්ජන් පෙන්වා දෙයි.

එහි ප්‍රතිවිපාකයක් වශයෙන් දුර්වල ඉවුරු ඔස්සේ ජලය ගලන්නට පටන් ගන්නා බවත් ඇමතිවරයා පවසයි.

( තිළිණි ද සිල්වා)

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS