බැග්ඩෑඞ් බෝම්බයට 51 ක් බිලි: 55 ක් රෝහලේ



ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර අති ප්‍රබල කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 51 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූ 55 දෙනෙක් රෝහල් ගත කෙරුණාහ.

ඉරාකයේ මේ වසරේ සිදුවුණු දරුණුතම බෝම්බ පිපිරීම මෙය යැයි ඉරාක ආරක්ෂක අංශ සහ රජය පවසයි. ඉරාක හමුදාව දිගට හරහට එල්ල කරන ප්‍රහාර හමුවේ පසුබෑමට ලක්වුණු අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් බෝම්බ ප්‍රහාරය එල්ල කළ බවට ඉරාක ආරක්ෂක අංශ සැක පළ කරයි. 

 

(රොයිටර්)


RECOMMEND POSTS