බයිඩන් දිවුරුම් දෙයි



ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලේ දී දිවුරුම් දුන්නේ ය.

ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර ජෝන් රොබට්ස් ඉදිරියේදී ඇමෙරිකානු ඉතිහාසයේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස 78 හැවිරිදි ජෝ බයිඩන් අද එලෙස දිවුරුම් දුන්නේ ය.

ඉන් ටික වේලාවකට පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝනියා සොටොමෙයර් ඉදිරියේ දිවුරුම් දුන්නා ය. කමලා හැරිස් 56 හැවිරිදි වියේ පසුවන අතර ඇය ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු උප ජනාධිපතිවරිය යි.

ඇය ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පත් පළමු කළු ජාතික කාන්තාව, පළමු දකු ආසියානු සම්භවයක් ඇති තැනැත්තිය, ඇමෙරිකානු අප්‍රිකානු සහ ඇමෙරිකානු ආසියානු සම්භවයක් ඇති තැනැත්තිය ද වන්නී ය.

ජනාධිපති ට්‍රම්ප් ගේ කලබලකාරී වසර හතරක ධුර කාලය අවසන් කරමින් ජෝ බයිඩන් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ යැයි ද ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කළේය.

ජෝ බයිඩන් සහ කමලා හැරිස් ඔවුන්ගේ ධුරවල දිවුරුම් දීම ඇමෙරිකානු ඉතිහාසයේ 59 වැනි දිවුරුම් දීමේ උත්සවය ද විය.

(රොයිටර්)


RECOMMEND POSTS