පුංචි වීරයා බලන්න ගිහින්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සාජා නුවර කල්බා නගරයේ මාර්ගයක පාසල් බස් රථයක් ගිනි ගත් අවස්ථාවේදි කුඩා දරුවෙක් තම මිතුරන් බේරාගෙන ඇති බව වාර්තා වේ.

තම මිතුරන් බේරාගත් දරුවාව බැලීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක, ෂයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් දරුවා අධ්‍යාපනය ලබන පාසලට ගොස් ඇත.

ඩුබායි පාලකයා වීර ක්‍රියාව කළ දරුවාව බැලීමට සහ බස් රථය තුල සිටි අනිත් දරුවන් සමඟ කථා කිරීමට පාසල තුල ඇවිදගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කර ඇති අතර සමාජ ජාල පරිශීලකයන් අතර කතාබහක් ඇති වී ඇත.

“මම වීර ක්‍රියාවක් කළ කලීෆා අබ්දුල්ලා අල් කාබි දරුවා බැලීමට ඔහුගේ පාසලට පැමිණියා, ඔහු ඔහුගේ පරම්පරාවට ආඩම්බරයක්, ගින්නෙන් මිතුරන්ව බේරා ගැනීම කටයුතු කිරීම ගැන අපි ඔහුට ස්තූතිවන්ත වෙමු.’’ යනුවෙන් ඩුබායි පාලකයා පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, සාජා නුවර)

RECOMMEND POSTS