පාප්තුමා ප්‍රහාර හෙළා දකී



ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන හතරකට සහ හෝටල් හතරකට එල්ල වූ බෝම්බ ප්‍රහාර හෙළා දකින බව අති උතුම් ශුද්ධෝත්තම පාප්තුමෝ  ප්‍රකාශ කළහ.

“පාස්කු දිනයේදී දේවස්ථානවලට රැස් වී සිටි ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගනිමින් කරන ලද  ප්‍රහාර ගැන මට දැනගන්නට ලැබුණා. ඒ සම්බන්ධයෙන් මම දැඩි වේදනාවටත්, කනගාටුවටත්, කම්පාවටත් පත්වෙනවා” යැයි පාස්කු දිනයේ විශේෂ දේව මෙහෙයම සඳහා වතිකානයේ ශාන්ත පීතර චත්‍රරශ්‍රය වෙත රැස්වී සිටි දහස් ගණනක් අමතමින් පාප්තුමෝ කීහ. 

“ක්‍රිස්තියානි ප්‍රජාවට මම මගේ කනගාටුව මෙන්ම දයාව සහ ප්‍රේමය ප්‍රකාශ කර සිටිනවා. මේ මිලේච්ඡ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොදුරු වූ ජනතාව වෙනුවෙන් අප යාඥා කරනවා” යැයි පාප්තුමෝ පැවැසූහ. 

වතිකාන නගරයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS