පාකිස්තානයේ දුම්රියක් ගින්නක්



පාකිස්තානයේ ශීඝ්‍රගාමී මගී දුම්රියක හටගත් ගින්නකින්, 65 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 30 කට වැඩිය.

ගින්න හටගත්තේ, කරච්චි සිට රාවුල්පිණ්ඩි නුවර තෙක් ධාවන වන ශීඝ්‍රගාමී දුම්රියේය. ගින්නට හේතුව දුම්රිය තුළ කුඩා ගෑස් සිලින්ඩරයක් පුපුරා යෑම යැයි පාකිස්තාන දුම්රිය කටයුතු පිළිබඳ ඇමති ෂෙයික් රෂීද් අහ්මද් මාධ්‍ය හමුවේ පැවැසීය.

මෙම දුම්රිය පැය 25 1/2 ක් ගෙවා, කරච්චි සිට රාවුල්පිණ්ඩි දක්වාත්, ඉන්පසු රාවුල්පිණ්ඩි සිට කරච්චි දක්වාත් ධාවනය වෙයි.

මගීන් දුම්රියෙන් යන්නේ ආහාර පිසගනිමිනි. පුපුරා ගියේ මගියකු උදෑසන ආහාරය පිළිවෙළ කිරීමට යොදා ගත් ගෑස් සිලින්ඩරයකි.

දුම්රිය ගිනිගත්තේ පන්ජාබ් පළාතේ දකුණු දෙසින් රහීම් යාර් ඛාන් නගරය ආසන්නයේදීය. ගින්න වේගයෙන් මැදිර තුළ පැතිරෙන්න පටන් ගනිද්දී, කාන්තාවන් කුඩා දරුන් දුම්රියෙන් පැන දිවි බේරා ගැනීමට උත්සාහ කළ බව වාර්තා වේ. එසේ දුම්රියෙන් පැන්න බොහෝ දෙනකු මියගිය බව පොලිසිය කියයි.

පාකිස්තානයේ දුම්රිය  අනතුරු නිරන්තරයෙන් සිදුවෙයි.

පසුගිය ජූලි මාසයේ සිදුවුණු දුම්රිය අනතුරකින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 2007 දී මෙහාර්බ්පූර් නුවරට නුදුරින් සිදුවුණු දුම්රිය අනතුරින් 56 ක් මියගියහ. තුවාල ලැබූ ගණන 120 කි. 2005 දී සින්ද් ප්‍රාන්තයේ දුම්රිය තුනක් ගැටී 130 ක් මියගියහ.

කරච්චියේදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS