පවුල පිටින්ම ඉන්දියාවේ



කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ඊයේ (17) සවස බිරිය සහ දරු තිදෙනා ද සමඟ සත් දින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පැමිණියේය.

46 හැවිරිදි අගමැති ටෘඩෝ, බිරිය ග්‍රෙගොරි, පුතුන් දෙදෙනා සහ දියණිය රැගත් විශේෂ ගුවන් යානය නවදිල්ලි අගනුවර ගුවන් කඳවුරටය.

කැනඩා අගමැතිවරයා සහ පවුලේ සාමාජිකයන් පිළිගැනීමට ඉන්දීය අගමැති මෝදි සහ ඉන්දීය රජය විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශ නිලධාරීන් මෙන්ම ඉන්දියාවේ කැනඩා තානාපති කාර්යාල නිලධාරීහු ද පැමිණ සිටියහ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී දෙරටට පොදු කරුණු කාරණා පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට කැනඩා අගමැතිවරයා සූදානමින් සිටී. කැනඩා අගමැතිවරයා මෙසේ ඉන්දියාවට පැමිණියේ තෙදින නිල සංචාරයකට පැමිණි ඉරාන ජනාධිපති හසන් රොව්හානි එම සංචාරය නිම කර ආපසු යද්දීය.

ඉන්දීය අගමැති මෝදි හමුවීමෙන් පසු, ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමටත් වෙළෙඳ ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමටත් කැනඩා අගමැති ටෘඩෝ සූදානමින් සිටී.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS