නොපෙනෙන කළු කුහරයේ පෙනෙන ඡායාරූපය



විශ්වයේ මහා අබිරහසක් ලෙස සැලකෙන්නේ සියල්ල ගිල ගන්නා කළු කුහර ය. කළු කුහර ආලෝකය ගිල ගන්නා බව ගන්නා බැවින්, කළු කුහර අපට දකින්න ලැබෙන්නේ නැත.

කෙසේ නමුත් පසුගියදා තාරකා විද්‍යාඥයන් මාධ්‍ය හමුවේ කියා සිටියේ ඉතිහාසයේ පළමු වරට ඔවුන්ට අභ්‍යවකාශ දුරේක්ෂ හරහා කළු කුහරයක ඡායාරූප ගැනීමට හැකිවුණු බවය.

මේ කළු කුහරය ඇත්තේ ඈත පිහිටි මණ්දාකිණියකය. කළු කුහරය සොයා ගැනීම සිදුවූයේ ‘ඉවෙන්ට් හොරයිසන්’ දුරේක්ෂයේත්, ඊට සම්බන්ධ තවත් දුරේක්ෂ 8 ක ආධාරයෙන් යැයි පැවැසෙයි.

තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට කිලෝ මීටර් මිලියන ටිලියන 500 ක් දුරින් ඇති මෙම කළු කුහරය පෘථිවිය මෙන් මිලියන 3 ක් විශාලය. පළල කිලෝ මීටර් මිලියන 40 කි.

කළු කුහරය සොයා ගැනීමට සම්බන්ධ වූ විද්‍යාඥයකු වන්නේ නෙදර්ලන්තයේ රෙඞ්බවුඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හීනෝ ෆැල්ක්ය. ඔහු පවසන අන්දමට මෙම කළු කුහරය දකින්න ලැබී ඇත්තේ ‘එම්87’ යනුවෙන් නම් කළ මන්දාකිණියෙනි. ‘එය සැබැවින්ම බිහිසුණු යෝධයෙක්. කළු කුහරය අපේ මන්දාකිණියටත් වඩා විශාලයි’ යැයි මහාචාර්යවරයා පැහැදිලි කරයි.

ප්‍රබල ගුරුත්වාකර්ෂණ බලයක් පවතින නිසා කළු කුහරය අවට සියල්ල පමණක් නොව අධික තාපයකට ලක් වී රත් වුණු වායු ධාරා පවා උරා ගනී. වායු ධාරා කළු කුහරයට එසේ උරා ගනිද්දී, ඒවායේ අධික තාපය හේතුකොට ගනිමින් දීප්තිමත් ආලෝකයක් විහිදුවයි.

වායු ධාරා කළු කුහරයට රිංගා යද්දී, මේ ආලෝකය අතුරුදන් වෙයි. විද්‍යාඥයන් මේ දීප්තිමත් ආලෝකය සමඟ කළු කුහරය ඡායාරූපයට නැගූ බව පැවැසෙයි. නොපෙනෙන කළු කුහරය ඡායාරූප ගත කෙරුණේ ඒ අනුවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS