නියෝජ්‍ය ඇමැති කුවේටයේ



කුවේට් හි සේවය කරමින් සිටිය දී විවිධ හේතුන් මත සේවය හා නවාතැන් අහිමි වූ ශ්‍රී ලාංකික පිරිමින් වෙනුවෙන් වෙනම සුභ සාධණ මධ්‍යස්ථානයක් ආරම්භ කරන ලෙස විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කළ ඉල්ලීමකට කුවේට් රාජ්‍යයෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබේ.

මේ සඳහා වන ඉඩමක් මේ වනවිටත් ඇති බවත් ඉක්මණින් එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවත් කුවේට් මිනිස් බල අධිකාරියේ අධ්‍යක්ෂ අබ්දුල්ලා එස් අල් මුතව්තා මහතා පවසා ඇත.

කුවේට් හි තෙදින නිල සංචාරයක නිරතවන නියෝජ්‍ය අමාත්‍යවරයා කුවෙට් බලධාරින් සමග පසුගිය 16 වැනිදා සාකච්ඡා පැවැත්වූ අතර එම අවස්ථාවේ මෙම එකඟතාව ඇති කරගෙන තිබේ.

පිරිමි ශ්‍රමිකයන් වෙනුවෙන් නවාතැන් දීම සඳහා තානාපති කාර්යාලයේ පවතින සම්පත් පමාණවත් නොවන බැවින් මෙම ඉල්ලීම  කල බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කලේය.

සේවා යෝජකයන් හා සේවකයන් අතර ඇතිවන ගැටලු නිරාකරණය කිරීම සඳහා ශ්‍රි ලංකාව හා කුවේට් රාජ්‍යය අතර මේ වනවටිත් ඇති කරගෙන ඇත ද්වි පාර්ශවීය අවබෝධතා ගිවිසුම බලාත්මක කිරීම මෙන්ම ලබන සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ ක්‍රීයාකාරී කමමිටුවේ වැදගත්කම පිළිබඳවද මෙහි දී සාකච්ඡා කළ  බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS