න්‍යෂ්ටික අවි නිපදවීම නවත්වනවා



න්‍යෂ්ටික අවි නිපදවීම සහ මිසයිල අත්හදා බැලීම වහා නතර කරනවා යැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටී.

ලබන 27 වැනිදා, උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අතරේ කොරියානු සමුළුව ආරම්භ වීමට නියමිතය.

ඊට පෙරමඟ සකස් කිරීමක් ලෙස තමන් මෙම තීරණය ගත් බව උතුරු කොරියානු නායකයා වැඩි දුරටත් කියා සිටියේය.

උතුරු කොරියාව පසුගිය වසර කිහිපයේ හිතුවක්කාර අන්දමින් න්‍යෂ්ටික අවි සහ දිගු දුර මිසයිල අත්හදා බැලුවේය.

එය මුළු ලොවටම තර්ජනයක් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට සම්බාධක දමා ඇත්තේ ද එහෙයිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS