නව තානාපතිනිය බහරේන රජු හමුවෙයි



බහරේනයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත් වීම් ලැබූ ප්‍රදීපා සාරම් මහත්මිය ඉකුත්දා බහරේනයේ හමාද් බින් ඉසා අල් කලීෆා මහතා වෙතින් සිය අක්ත පත්‍ර ලබා ගත්තාය.

බහරේනයේ මනමා අගනුවර අල් සකීර් මාළිගයේ පැවති මෙම අක්ත පත්‍ර පිරිනැමීමේ අවස්ථාවට ශ්‍රී ලංකා තානාපතිනිය වෙත ආචාර වෙඩිමුර දැක්වීමක්ද සිදු කෙරිණි.මෙම එරට විදේශ කටයුතු අමාත්‍යාවරයා , රාජකීය අධිකරණ අමාත්‍යවරයා  ඇතුලු පිරිසක්ද එක්වූහ.

අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව හමාද් රජතුමන් සහ බහරේනයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය දෙරටේ ද්විපාර්ශික සම්බන්ධතා සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවකද නිරත වූහ.එහිදී රජතුමන් විසින් නව තනතුරට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපතිනිය වෙත සුබ පැතුම් එක් කර ඇත.

එහිදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුභාශිංෂණ බහරේන රජතුමන් වෙත පුද කළ තානාපතිනිය ලාංකික ශ්‍රමිකයින් 15,000කට විවිධ රැකියා අවස්ථා ලබා දීමත් , ඉන් රටේ ආර්ථිකයට ලැබෙන සහයෝගය සම්බන්ධයෙන්ද රජතුමන් වෙත ස්තූතිය පළ කළාය.

තානාපති ප්‍රදීපා සාරම්  1998 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවා කණ්ඩායමේ සාමාජිකයෙකු වන අතර විදේශ අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණය හා සංවර්ධනය පිළිබඳ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා විය.

මීට අමතරව ඇය අමාත්‍යාංශයේ විදේශ පරිපාලන අංශය අධ්‍යක්ෂ ජනරාල වශයෙන්ද , මැද පෙරදිග අංශය අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සහ කොන්සියුලර් කටයුතු අංශයේ වැඩබලන  අධ්‍යක්ෂ ජනරාල්  ලෙස කටයුතු කළාය.

තවද 2015 සිට 2018 දක්වා මිලාන්හි පළමු ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා ලෙසද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ජර්මනියේ සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කරනු ලැබුවාය.

කොළඹ විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇති බහරේනයේ ශ්‍රී ලංකා තානාපතිවරිය කොළඹ ගෝතමි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.


RECOMMEND POSTS