ත‍්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම ගැන කැනඩාවේ සමුළුවක්



ත‍්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව කැනඩාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ද සමුළුවක් ඉකුත්දා පවත්වනු ලැබීය.

ඒ, ‘‘ ත‍්‍රිපිටකය ලෝක උරුමයක් විය යුත්තේ ඇයි ’’ යන මැයෙන් පැවති එහිදී සමුළුව ඇමතු කැනඩාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් අශෝක ගිරිහාගම පැවසුවේ ත‍්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවයි.

පාලි භාෂාවෙන් සටහන්ව ඇති ත‍්‍රිපිටකය සදොස් ලෙස පරිවර්තනය කිරීම හෝ අර්ථකතනය කිරීම වැළැක්විය යුතු බවයි ඔහු කියා සිටියේ. ත‍්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු එවැනි තත්ත්වයන් වැළැකී යනු ඇති බවද කැනඩාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් එහිදී ප‍්‍රකාශ කළේය.

ත‍්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලීමක් කිරීමට ශ‍්‍රී ලංකා රජය මේ වනවිටත් සූදානමින් සිටින බවත් , ඒ අනුව යුනෙස්කෝ ආයතනය ද ඉදිරියේ දී එය සිදු කරනු ඇති බවයි කැනඩාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මෙම සමුළුවේදී වැඩිදුරටත් පැවසුවේය.


RECOMMEND POSTS