ට්‍රම්ප් බෙත්ලෙහෙමේ



සිය පළමු විදෙස් සංචාරයේ යෙදෙමින්, මැදපෙරදිගට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, බිරිය මෙලානියා ඇතුළු පිරිස ඊයේ (23) බටහිර ඉවුරේ බෙත්ලෙහෙම් නගරයට පැමිණියහ.

පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් ඇතුළු පලස්තීන බලධාරීන්ගෙන් ට්‍රම්ප් ඇතුළු පිරිසට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ට්‍රම්ප් බෙත්ලෙහෙමට පැමිණියේ විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේය.

ජනපති ට්‍රම්ප් බටහිර ඉවුරට පැමිණියේ ඊශ්‍රායල සංචාරයකින් පසුවය. ට්‍රම්ප් ජෙරුසිලමේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සමඟ පලස්තීන අර්බුදය සම්බන්දයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය. ට්‍රම්ප් සහ පලස්තීන නායකයා අතර ද මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS