ට්‍රම්ප් පාප්තුමා හමුවෙයි



ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතර හමුවක් වතිකානයේ දී පැවැත්විණි.

වතිකානයට ආ ඇමෙරිකන් ජනපතිවරයා ඉතා සුහඳශීලීව පිළිගැනීමට පාප්තුමෝ කටයුතු කළහ. අතට අත දී පිළිගැනීමෙන් පසු දෙදෙනා අතර සාකච්ඡා වතිකාන පුස්තකාලයේ දී පැවැත්විණි.

ශුද්ධෝත්තම පාප්තුමන් සහ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් අතර හමුවක් පැවැති පළමු අවස්ථාව මෙය විය.

ලෝක සාමය ගැනත්, දිනෙන් දින උත්සන්න වන ජාත්‍යන්තර අර්බුද ගැනත් පාප්තුමන් සහ ට්‍රම්ප් අතරේ සාකච්ඡා පැවැත්වුණු බව වතිකානය දන්වා ඇත. මරණ දඬුවම ලබා දීමට එරෙහි වන්නැයි ද පාප්තුමෝ ඇමෙරිකන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ජනපති ට්‍රම්ප් පමණක් නොව, ට්‍රම්ප් බිරිඳ මෙලානියා, දියණිය ඉවන්කා සහ ඇගේ සැමියා ජෙරාඞ් ද පාප්තුමා බැහැදැකීමට පැමිණ සිටියහ. මෙලානියා සහ ඉවන්කා කළු ඇඳුමින් සැරැසී සිටියහ. ඒ, වතිකානයේ සම්ප්‍රදායට ගරු කරමිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS