ට්‍රම්ප් කලින්ම ඡන්දය දමයි



ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් සිය ඡන්දය ප්‍රකාශ කළේය.

ඇමෙරිකන් ජනාධිපතිවරයා, සිය ඡන්දය ප්‍රකාශ කළේ ෆ්ලොරීඩාවේ මැතිවරණ රැලියකට සහභාගීවීමට ගිය අවස්ථාවේදීය.

ඡන්දය දැමීමට ට්‍රම්ප් තෝරා ගෙන තිබුණ වෙස්ට් පාම් බීච් නුවර පුස්තකාලයේ ස්ථාපිත කළ ඡන්ද මධ්‍යස්ථානයයි.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගතය හේතුවෙන් ඇමෙරිකාවුන්ට කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා කර දී ඇති අතර, මේ වනවිට මිලියන 56 ක ඇමෙරිකානුවන් පිරිසක් ඡන්ද දමා ඇතැයි ද පැවැසෙයි.

ඡන්දය ප්‍රකාශ කර පිටව යන ට්‍රම්ප්ගෙන් එක් මාධ්‍යවේදියකු මෙසේ විමසුවේය. ‘ජනාධිපතිතුමනි, ඔබ කාටද ඡන්දය දුන්නේ?’ ‘මා ඡන්දය දුන්නේ ට්‍රම්ප් කියලා කෙනකුට’ යැයි ජනපතිවරයා පිළිතුරු දුන්නේය.

ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් තැන්වැනිදාය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි ඊට ඉදිරිපත් වන්නේ සිය දෙවැනි සහ අවසන් ධුර කාලය අපේක්ෂාවෙනි. කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට අපොහොසත් වුණේ යැයි ට්‍රම්ප්ට චෝදනා එල්ල වී ඇත. මෙවර ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ට ඇති ලොකුම අවාසිය වන්නේ එය යැයි පැවැසෙයි.

ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් ගණන දිනෙන් දින යළි ඉහළ යමින් පවතී. මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 8,827,932 ක් වන අතර මරණ වාර්තා වන්නේ 2,30,068 කි.

වෙස්ට් පාම් බීච්හිදීය (රොයිටර්)‍


RECOMMEND POSTS