ජෙඩා ආහාර ප්‍රදර්ශනයට ලංකාවත්



සෞදි අරාබියේ ජෙඩා නුවර දී ඉකුත්දා පැවති “ෆුඩෙක්ස් ජාත්‍යන්තර ආහාර පාන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව සාර්ථක අන්දමින් සහභාගී වූ බව ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය සඳහන් කර සිටී.

ලොව පුරා විසරි සිටින ආහාර පාන ප්‍රදර්ශකයින් 209 කට ආසන්න පිරිසක් මෙම ජාත්‍යන්තර ආහාර පාන ප්‍රදර්ශනයට සහභාගී වු අතර ලංකාව නියෝජනය කරමින් මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් වන ටී ටැන්ග් ,එන්රිච් ටී ඇන්ඞ් ෆුඞ් එක්පෝට් ඇතුක්‍ සමාගම් කිහිපයක් ඊට සහභාගී වූහ.

එම සමාගම් ඇතුළු සියලු ලාංකික ආහාර පාන ප්‍රදර්ශකයින්ගේ වෙළඳ කුටි ඇතුලත් ශ්‍රී ලාංකික ප්‍රදර්ශන ඒකකය විවෘත කිරීම සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ආස්මි තාසිම් සහ ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් අබ්දුල් සලාම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

 


RECOMMEND POSTS