ජූනි 12 හමුව අවලංගුයි



උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුව, අවලංගු කිරීමට තමන් තීරණය කළේ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ඒ අනුව, ලබන ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ට්‍රම්ප් සහ කිම් ජොන් උන් හමුව අවලංගු වෙයි.

උතුරු කොරියානුවන්ගෙන් දිගින් දිගටම එල්ල වුණු ‘තර්ජන සහ බලපෑම්’ අනුව හමුව අවලංගු කිරීමට තමන්ට සිදුවුණැයි ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත.

හමුව අවලංගු කළ බව දන්වමින්, ට්‍රම්ප් උතුරු කොරියා නායකයාට ලිපියක් ද යවා ඇත.

ජූනි 12 වැනිදා හමුව නොපැවැත්වුණත්, කවදා හෝ දිනෙක හමුව පැවැත්වීමට කටයුතු යෙදෙනු ඇතැයි තම අපේක්ෂාව යැයි ට්‍රම්ප් එම ලිපියෙහි සඳහන් කර ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS