ජාත්‍යන්තරයට ගිය අපේ අභිමානය



බාධක දිවීම යනු අප රටේ බොහෝ පාසැල් ක්‍රීඩා උළෙලන් හී දැකිය හැකි ජනප්‍රිය ඉසව්වකි.

බාධක දිවීමේ තරග ආකෘතියට සමාන තරග ඉසව්වක් වන Spartan Obstacles තරගය පසුගිය නොවැම්බර් 16 වන දින එක්සත් එමීර් රාජ්‍යයේ Hatta-Oman දේශ සීමාව කෙන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

බාධක දිවීමේ තරඟ ආකෘතිය තුළ වඩාත්ම දුෂ්කරමතම තරඟය ලෙස මෙම තරඟය ඉතිහාස ගතව ඇත.

21 KM පුරා මැරතන්, පිහිණුම්, කඳු තරණය ඇතුළු තවත් එළිමහන් ක්‍රීඩා අංග කිහිපයක අභියෝගය වෙනුවෙන් කණ්ඩායම් 20 මෙවර සුදුසුකම් ලබා තිබුණි.

මෙම තරඟ ඉසව්ව නියෝජනය කිරීමට පැමිණි විදෙස් කණ්ඩායම් සමග ඔට්ටු වීම සඳහා එක්සත් එමීර් රාජ්‍යයේ සිය වෘතීයන්හි නියතු තරුණයන් 5 දෙනෙකු සහ එක් තරුණියක ගෙන් සඳුම් ලත්  Sri Lankan Blues නමින් කණ්ඩායමක් සහභාගී විය.

විදේශයක දී මව්බිමේ ධජය ජ්‍යාත්යන්තර ඉදිරියේදී රදවන්නට වෙර දරන මෙම කණ්ඩායම පසුගිය සති කිහිපය පුරාවට ඩුබායි හී පිහිටි Al-Ahli පාපන්ඳු ක්‍රීඩා සමාජයේ ගෘහස්ත කායවර්ධන මධ්‍යස්ථානයේ සිය පුහුණුවීම්වල නියැලුණාහ.

Sri Lankan Blues කණ්ඩායමේ නායකයා ලෙස මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ  ආදිශිෂ්‍ය අමල් රමීස් කටයුතු කරයි.

ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමේ හිටපු නායිකා අකිලා ජයවර්ධන සමඟ නුවන් සමීර, තරීක් මෂූඩ්, අම්ජඩ් අෆ්හම් සහ ඉම්‍රි ෆාහීම් යන ක්‍රීඩකයින් මව් බිමට කීර්තියක් ලබා දීමට කණ්ඩායමට ඇතුළත්ව සිටිති. කණ්ඩායමේ එකම කාන්තා නියෝජනය ලෙස  අකිලා ජයවර්ධන  කටයුතු කරයි. ඇය ජාතික Netball කණ්ඩායමේ හිටපු නායිකාවකි.

 

National Air Cargo Dubai, Lankan Blues SC, Dubai Blues, EVAX වැනි එක්සත් එමීර් රාජ්‍යයේ පෞද්ගලික ආයතන Sri Lankan Blues කණ්ඩායම වෙත අනුග්‍රාහකත්වය පිරිනමා තිබුණි.


RECOMMEND POSTS