ජපානයේ බෙහෙත් පෙත්ත සාර්ථකයි



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් හටගන්නා නියුමෝනියා තත්ත්වය මර්දනය කිරීමට ජපන් වෛද්‍ය පර්යේෂකයන් විසින් නිපදවා ඇති ‘ඇවිගන්’ නමැති බෙහෙත් පෙත්ත සාර්ථක වී ඇතැයි පැවැසෙයි.

ජපන් වෛද්‍ය පර්යේෂකයන් මෙම ඖෂධය නිර්මාණය කර ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සාව හේතුවෙන් හටගන්නා සංකූලතාවලට එරෙහිව ය. චීනයේත් ජපානයේත් ‘කෝවිඞ් 19’ ආසාදිතයන් උත්සන්න වෙද්දී, චීන මෙන්ම ජපන් වෛද්‍යවරුන් ද මෙම ඖෂධය ආසාදිතයන්ට ලබා දී ඇත.

දින 4 ක් යද්දී, රෝගී වූ පිරිස සුව අතරට හැරුණු බවත්, නිව්මෝනියා තත්ත්වය පහව ගිය බවත් ජපන් පුවත් සේවා වාර්තා කර තිබේ.

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරදයට මෙතෙක් කිසිදු ඖෂධයක් හෝ එන්නතක් හෝ නිපදවා නැත.

එසේ වුවත් වෛද්‍යවරුන් අසාධ්‍ය රෝගීන්ට විවිධාකාරයේ ඖෂධ ලබා දෙයි. ඒ අතරින් සාර්ථක ප්‍රතිඵල අත්කර දීමට ‘ඇවිගන්’ සමත් වී ඇති බව වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS