ජපාන අගමැති ඉරානයට එයි



ජපාන ඉරාන මිත්‍රත්වයට වසර 90 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුමකට සහභාගීවීම සඳහා ජපාන අගමැති ෂෙන්සෝ අබේ ඉරානයේ තෙහෙරාන් අගනුවරට පැමිණ සිටී.

ඉරාන රජයෙන් ජපාන අගමැතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. අගමැති අබේ වෙනුවෙන් හමුදා උත්තමාචාරයක් ද පැවැත්විණි.

ජපාන අගමැතිවරයාත්, ඉරාන ජනාධිපති හසන් රොව්හානිත් අතරේ ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්විණි.

අගමැති අබේ සහ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කොමේනී අතරේ හමුවක් ද ඉන්පසු පැවැත්විණි.

ඉරානය සමඟ පවතින මිත්‍රත්වය තවත් වර්ධනය කර ගැනීමට තමන්ට හැකිවුණු බව එම හමුවෙන් පසු ජපාන අගමැතිවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේය.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS