ග්‍රහලෝක ගිලින තරුවක්



අපේ හිරුට සමාන තරු දෙකක්, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 350 ක් දුරින් පිහිටා ඇති බවත්, එයින් එක් තරුවක් එය වටා ඇති ග්‍රහලෝක එකිනෙක ගිල දමන බවත් ඇමෙරිකා තාරකා විද්‍යාඥයෝ කියති.

ග්‍රහලෝක ගිල දමන මෙම තරුව විද්‍යාඥයන් විසින් නම් කර ඇත්තේ ක්‍රෝනෝස් යන නමිනි. ග්‍රීක මිත්‍යා කතා අනුව ක්‍රෝනෝස් යනු මුහුදෙන් මතු වී සියල්ල වනසන අති දැවැන්ත මෘගයෙකි.

අනෙක් තරුව විද්‍යාඥයන් විසින් හඳුන්වා දී ඇත්තේ ක්‍රියෝස් කියාය.

කෙසේ නමුත් විද්‍යාත්මකව මෙම තරු දෙක හැඳින්වෙන්නේ එච්.ඩී. 240430 සහ එච්.ඩී. 240429 යන නම්වලින් යැයි ද පැවැසෙයි.

මෙම තරු දෙක සොයා ගැනීමට සමත් වී ඇත්තේ ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයන් විසින් බව ද පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS