කොරෝනා ආසාදිතයෝ මිලියනයක්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව අද (3) මිලියනය පසු කළේය. වයිරසය අසාදනය වී ජීවිතක්ෂයට පත්වුණු සංඛ්‍යාව 52,000 පසු කළේය.

වයිරසයේ ව්‍යාප්තිය ඇරැඹුණේ පසුගිය දෙසැම්බරයේ චීනයේ වූහාන් නුවරිනි. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,00,000 පසු කළේ දින 55 කින් වූ අතර 5,00,000 පසු කළේ දින 76 ක් තරම් කෙටි කාලයකින් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ වනවිට චීනයෙන් පිට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඊට අමතරව, ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ වයිරස ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් වැඩි වෙමින් පවතී.

ඇමෙරිකාවේ ආසාදිතයන් 2,30,00 පසු කර ඇති අතර, මරණ 6,000 ට ළං වී ඇතැයි ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිකුත් කළ වාර්තාවල සඳහන් වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS