කොටි චෝදනා පරදවමු - ප්‍රංශයේ උද්ඝෝෂණයක්



‘කොටි චෝදනා පරදවමු - වීරෝධාර රණවිරුවන් රැකගමු’ - ප්‍රංශයේ උද්ඝෝෂණයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වෙනි සැසි වාරය පෙබරවාරී 22 සිට මාර්තු මස 23 වෙනිදාා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී පැවැත්වීමට නියමිතය.

එහිදී 30 වසරක යුද්ධය නිමා කොට ලක් පොළොවට නිදහස ලබා දීමට ඉදිරි පෙලේ සටන් වැදුනු ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට විරුද්ධව අසත්‍ය චෝදනා රැසක් ඉදිරිපත් කිරීමට විදේශීය කොටි හිතවාදී සංවිධාන කටයුතු කර ඇත්තේය.

එබැවින් කොටි හිතවාදීන්ගේ අසත්‍ය චෝදනා පැරදවීමට එක්ව පෙල ගැසෙමු, ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදාාව රැකගමු යන තේමාවන් ප්‍රධාන කොට ප්‍රංශයේ ජීවත් වන ශ්‍රීලාංකිකයන් විසින් ඊයේ (17) සවස 2 සිට සවස 4 දක්වා අගනුවර පැරීසියේ පිහිටි  ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයට නුදුරින් බ්‍රිතාන්‍ය සංස්කෘතික මධ්‍යස්ථානය අසල ඉන්වැලීඩ් (Invalides) චතුරශ්‍රයේදී විශාල උද්ඝෝෂණයක් පවත්වන ලදී.

කොරෝනා වසංගතය හේතු කොට මේ දිනවල ප්‍රංශයේ පවතින දැඩි සෞඛ්‍යය නීතිරීති වලට අනුකූලව පවත්වන ලද ඉහත උද්ඝෝෂණයට ශ්‍රීලාංකිකයින් විශාල ප්‍රමානයක් සහභාගිවී සිටියෝය.

සුනිල් ආනන්ද
පැරීසියේ සිට


RECOMMEND POSTS