කඳුළු මතින් ගොඩනැගුණු කොච්චිකඩේ දෙව්මැදුර



පාස්කු දා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානය දින පනහකට අඩු කාලයක් තුළ නාවික හමුදාවේ මැදිහත්වීමෙන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව සිද්ධස්ථානය නැවත අභිෂේක කිරීමේ දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පාස්කු ඉරුදින සිදුවූ එම ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කතානායක කරු ජයසූරිය, ක්‍රිස්තියානි කටයුතු බාර අමාත්‍ය ජෝන් අමරතුංග, විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙයන් පැවැති අතර මිසම පාලක ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමා ඇතුළු පියතුමන්ලා විශාල පිරිසක්ද ඊට එක්ව සිටියහ.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)


RECOMMEND POSTS