ඕමානයේ පොලිස් කාන්තාවකට ඉහල තනතුරක් !



ඕමාන රාජකීය පොලීස් හදිසි ගලවා ගැනීමේ ඒකකයේ  අධ්‍යක්ෂවරිය වශයෙන් ප්‍රථම වරට එරට කාන්තාවක පත් කිරීමට ඕමාන රාජකීය පොලීසිය තීරණය කර ඇත.

මෙලෙස පත්වීම ගැබ ඇත්තේ ලුතිනන් කර්නල් හනාන් අල් සලිමි නැමැති ඕමාන රාජකීය පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියකි.

ඕමාන රාජකීය පොලීසියේ පොලීස් හදිසි ගලවා ගැනීමේ ඒකකයේ  අධ්‍යක්ෂවරිය වශයෙන් පත් වීම ලැබීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අල් සලිමි කියා සිටියේ මේ අවස්ථාව තමන් වඩා ආඩම්බරයට පත්වන බවත් ,එසේම ඕමාන් පොලිස් කාන්තාවක් කෙරෙහි පවතින විශ්වාසයත් මෙම නව තනතුර හා ඔප්පු වන බවද අල් සලිමි කියා සිටියාය..

ඇය මීට පෙර ඕමාන රාජකීය පොලීසියේ මස්කට් හි වටායා පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිනිය වශයෙන් කටයුතු කළ අතර නව තනතුර ලැබීමත් සමඟ වටායා පොලීසියේ ස්ථානාධිපති වශයෙන් තවත් ඕමාන පොලිස් කාන්තාවක් වන ෂෙයිකා බින්ත් අශූර් අල් හම්බසියා පත් කරනු ලැබ සිටිති. 

 

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි...


RECOMMEND POSTS