ඕමානයේ ජනගහණය මිලියන 4ත් ඉක්මවා යන ලකුණු



මෙම වර්ෂ ආරම්භයත් සමගම ඕමානයේ සමස්ථ ජනගහණය මිලියන 4.5 ඉක්මවා යන බව ඕමාන් ඩේලි වර්තා කලේය.
එය සංඛයාත්මකව 4,552,688ක් වේ. 

වර්ධනය වන ජනගහනයෙන් ඕමාන ජාතිකයින් මිලියන 2.469ක්ද, ඕමනයේ ජීවත්වන විදේශිකයන් මිලියන 2.083ක් වන බව ඕමාන ජාතික සංඛ්‍යා ලේඛන මධ්‍යස්ථානය මගින් නිකුත් කරන ලද වාර්ථාවේ සදහන් වේ.  

මස්කට් නුවර වැඩිම ජනගහණයක් ජීවත්වන අතර එය මිලියන 1.5ක් ද, දෙවන ස්ථානය අල්-බටීනා වන අතර එහි ජීවත්වන සංඛ්‍යාව 753,000 ක්ද, තුන්වන ස්ථානය දෝෆා වන අතර එහි ජීවත්වන සංඛ්‍යාව 455,000ක් වන බව එම මධස්ථානය නිකුත් කරන ලද වාර්ථාවේ වැඩිදුරටත් සදහන්වේ. 

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS